නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය
මාර/අපරැක්ක මහා විද්‍යාලය

මාතර අධ්‍යාපන කලාපයේ දෙවිනුවර කොට්ඨාසයේ දීප්තිමත් පාසලක් වන මාර /අපරැක්ක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස මෙවන් සටහනක් එක් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.
මාතර අධ්‍යාපන කලාපයේ විශිෂ්ටම ද්විතියික පාසල වීම යන දැක්ම පෙරටු කර ගනිමින් දැනුම, ආකල්ප, කුසලතා හා යහපුරුදු සහිත පුර්ණ පෞරුෂයකින් හෙබි සිසු කැලක් දැයට දායාද කිරීම උදෙසා පාසලක් ලෙස අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස සයිබර් අවකාශය හා එක්වීමට හැකි වීම සැබැවින්ම සතුට කරුණකි.
මෙම වෙබ් අඩවිය නිර්මාණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ පාසලේ තොරතුරු තාක්ෂණ විෂය භාර G.M ප්‍රදීප් කුමාර මහතාටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශයෙන් සියලු දරුවන්ටත් මගේ සුබ පැතුම් මෙසේ එක් කර සිටිමි.