ශිෂ්‍ය විනය හා ආචාර ධර්ම පද්ධතිය.
- සෑම සිසු සිසුවියක්ම දිනපතා පෙ.ව. 7.15ට පෙර පාසලට පැමිණිය යුතුය.
- ශිෂ්‍ය නායක නායිකාවන් දිනපතා පෙ.ව. 6.45ට පෙර පාසලට පැමිණිය යුතුය.
- ප්‍රධාන ගේට්ටුව අසලදී බුදු මැදුරට ආචාරකර පාසලට ඇතුල්විය යුතුය.
- සියළුම දරුවන් තමන්ට නියමිත අංග සම්පූර්ණ නිල ඇඳුමින් පාසලට පැමිණිය යුතුය.
- බාලිකාවන් සුදු සපත්තු මේස් පැළදිය යුතුය.
- උල් සපත්තු හා ඩෙක් ෂූ පැළදීම සපුරා තහනම්ය.
- සපත්තු පැළදීමට නොහැකි වූ විට කලු රබර් සෙරෙප්පු පමණක් පැළදිය යුතුය.
- කොණ්ඩය වැවීම, වර්ණ ගැන්වීම / තට්ටු කැපීම / ලේයර් කිරීම / රැළි නැති කිරීම / ස්ට්‍රේට් සපුරා තහනම්ය.
- විවිධ වර්ණයෙන් නූල් අතේ බැදීම හා කරේ දැමීම නොකළ යුතුය.
- රත්‍රන් හා රිදී මුදු මාල පැළදීම තහනම්ය.
- නියපොතු වැවීම, වර්ණ ගැන්වීම, ඇහිබැමි සකස් කිරීම නොකළ යුතුය.
- උදෑසන ආගමික වතාවත් සිදු කරන විට ප්‍රමාද වී පාසලට පැමිණෙන සියලු සිසුන් ප්‍රධාන දොරටුව අසලදී ආගමික වතාවත්වල නිරත විය යුතුය.
- ජාතික ගීය, පාසල් ගීය ගායනා කරන විට සීරුවෙන් සිට ගායනා කරමින් එයට ගරු කළ යුතුය.
- පාසලේ ඩෙස් පුටු වලට හානි කිරීම / ගොඩනැගිලිවලට හානි කිරීම/ වැසිකිළි පද්ධතියට හානි කිරීම නොකළ යුතුය.
- පාසලේ පරිසරය අලංකාරව හා පිරිසිදුව තබා ගැනීම සියළු දෙනාගේ යුතුකමක් හා වගකීමක් බව සිහිතබාගත යුතුය.
- තම පන්ති කාමර හා අවට පරීක්ෂා කර බලා පිරිසිදු කිරීම හා අලංකාර කිරීම කලයුතුය.
- පාසලට පැමිණීමේදී හා පිටවීමේදී ප්‍රධාන දොරටුව පමණක් භාවිතා කළ යුතු අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා නොකළ යුතුය.
- පාසල් භූමිය තුළ සහ පන්ති කාමර තුළ ( ක්‍රීඩා පිටිය හැර) හිස් වැසුම් පැළදීමෙන් වැළකිය යුතුය.
- ජංගම දුරකථන පාසලට රැගෙන ඒම සහ භාවිතා කිරීම සපුරා තහනම්ය.
- පරිඝනක ගුරුවරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව CD/ DVD/ Pen Drive/ Memory Chip පාසලට රැගෙන ඒම සපුරා තහනම්ය.
- ගුරුවරයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු හා කතා කරන විට දෑත් පිටුපසට සිටින සේ තබා සිට ගෞරවයෙන් කතා කළ යුතුය.
- පාසල තුළ හැසිරීම , කතාබහ සහ ඉරියවු ප්‍රියමනාප විය යුතුය. ළමාකම නොඉක්මවිය යුතුය.
- පාසලට පැමිණි පසු විධිමත් අවසරයකින් තොරව පාසලින් බැහැරයාම නොකළ යුතුය.
- සියලු සිසුන් පාර මාරුවීමේදී සුදු ඉර හරහා පමණක් පාර මාරුවිය යුතුය.
- පොත් රැගෙන ඒම සඳහා හැන් බෑග් භාවිතා නොකළ යුතුය.
- ගුරුවරයෙකු නොමැති අවස්ථාවල පන්ති කාමරය තුළ ඝෝෂාකාරී ලෙස හැසිරීම නොකළ යුතුය.
- අත්‍යවශ්‍ය කාරණයකට හැර පන්ති කාමරයෙන් බැහැර නොයා යුතු අතර පන්ති කාමරයෙන් බැහැර යාමට අවසර පතක් තිබිය යුතුය. බාලිකාවන් නම් දෙදෙනෙක්ටද , බාලකයින් නම් එක් අයකුටද එක්වරකට පන්තියෙන් බැහැරයාමට අවසර ලැබේ.
- පන්තියෙන් බැහැරව වෙනත් විෂයක් සඳහා යාමේදී සිසුන් එකපෙළකට ගමන් කළ යුතු අතර ඒ සඳහා නියමිත මාර්ග පමණක් භාවිත කළ යුතුය.
- අවට සහෝදර පාසල්වල සිසු සිසුවියන් සමග සහෝදරත්වයෙන් මිත්‍රශීලීව කටයුතු කළ යුතුය.
- පාසල් සංස්කෘතිය හා සම්ප්‍රදායන් රැක ගනිමින් වඩාත් ඵලදායී ලෙස ඉදිරිපරපුර වෙත පවරා දෙන්නෙක් විය යුතුය.